Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

20 minutes ago

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට පියවරගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්, අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවය.

ඒ අනුව තත්පරයට ඝන අඩි 8,400 බැගින් දැදුරුඔයට ජලය මුදාහැරෙන බව එහි සඳහන් විය.

එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇත.

ඉන් දොරටු 2ක් අඩි 4 බැගින්ද, අනෙක් දොරටු 6 අඩි 8 බැගින්ද විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 2,915ක් මුදාහැරෙන බව සඳහන්ය.

ඒ හේතුවෙන් කිරිඳි ඔය භාවිතා කරන්නන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

මේ අතර රාජාංගනය ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇත.

ඉන් වාන් දොරටු 4ක් අඩි 2 බැගින්ද, අනෙක් වාන් දොරටු 2 අඩි 3 බැගින්ද විවෘත කර ඇති අතර, එමගින් තත්පරයට ඝන අඩි 4,542ක ජලය මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *