අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව අත් අඩංගුවට ගත් බවයි.
මෙම සිද්ධියට අදාළව, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් ලෙස නම් කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, ඊයේ (08) දිනයේයි.
එමෙන්ම විදෙස් ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය නියෝග කළා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණය හමුවේ අද සිදුකළ කරුණු දැක්වීම් සහ ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.
මෙම බාලවයස්කාර දැරිය අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් වූ තොරතුරු අනාවරණය වීමත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වුණා.
මුලින් සිදුකළ මූලික විමර්ශනවලදී සැක කටයුතු තොරතුරු රැසක් අනාවරණය වූ අතර, උසස් ආගමික නායකයෙකු සහ දැරියගේ භාරකාරිත්වය දරන මවගේ සම්බන්ධතාවය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරිය දිගින් දිගටම විමර්ශන පවත්වනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 04 වනදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වුණා.
පසුගිය අප්‍රේල් 27 වනදා නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් මෙම දැරිය, ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය අවස්ථා ගණනාවකදී දූෂණයට ලක්ව ඇති බව තහවුරු වුණා.
එහිදී දැරිය හෙළි කර ඇත්තේ තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවත්, අනතුරුව සිය පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් දූෂණයට ලක්වූ බවයි.
විමර්ශනවලදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ, විහාරාධිපති හිමියන් තමන්ව මුලින්ම දූෂණය කළ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් දැරියගේ නිවස ආසන්නයේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයා ගැනීමයි.
එම ඇඳුම් සහ අනෙකුත් නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති වඩාත් කනගාටුදායක කරුණ වන්නේ, දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගෙන තම 15 හැවිරිදි දියණිය එම හිමියන් වෙත ලබා දී ඇති බවයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත, සිද්ධියේ පළමු අපරාධය අනුරාධපුරයේදී සිදුවීම හේතුවෙන් විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය වෙත පවරා තිබුණා.
සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මීට පෙර අනුරාධපුරයට පැමිණ අටමස්ථානාධිපති හිමියන්ගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර, දැරිය ද එම විහාරස්ථානය වෙත රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණ පවත්වා තිබුණා.
(source – news19)

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ
විදුලි බිල අද සිට යළිත් ඉහළ යයිද?
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්