ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව අද (9) පෙරවරුවේ නිකුත්කළ නිවේදනයට අනුව බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු වියහැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවීමේ හැකියාවක්ද තිබේ.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි