ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සැකසහිත බැවින්, ඔහුගේ මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් හමුවේ සිදුකර ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොල්ලුපිටිය පොලිසියට ඊයේ (08) නියෝග කළා.
කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කරනු ලැබුවේ.
ඒ අනුව අද (09) පෙරවරුවේ මරණ පරීක්ෂණය පැවැත්වෙනු ඇති.
එමෙන්ම මේ මස 12 වැනිදා මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරියට භාරදෙන ලෙසට ද නියෝග කළා.

විදුලි බිල අද සිට යළිත් ඉහළ යයිද?
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්