දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ, එම ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමිනි.
ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220කට මිලදී ගැනීම නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙලෙස මිලදී ගන්නා දේශීය අර්තාපල් ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.
එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම සිදු කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීමටත් රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන් ද එක්ව මෙම කටයුතු සිදු කරනු ඇත.

ටිල්වින් සිල්වා පහර කෑමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන කතාවේ ඇත්ත නැත්ත මෙන්න
රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර පත් කරයි
කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්
අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
කපිලගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට
මහ බැංකු සතු විදෙස් සංචිතයේ පහත වැටීමක්
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
විදුලි බිල යළිත් ඉහළට
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ