Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අල්ලස් සිද්ධියකට අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය පුරපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

2 minutes ago

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයුනුදීන්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නීති අධ්‍යක්ෂ රුෂ්ඩි හබීබ් කියා සිටියේ මේ සම්බන්ධයෙන් මොහුට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ ඔහු, එම නගර සභාවේ බලය පිහිටුවීමේදී සිය සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට කටයුතු කළා.

ඉන් අනතුරුවයි ඔහු නියෝජ්‍ය නගරාධිපති ලෙස තේරීපත් වුණේ.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් කොමිසම විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *