2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල්කර ගනිමින් විදුලි ගාස්තුව 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කෙසේවෙතත් රු. බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟවීමත් සමග 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවකට පමණක් මෙම වැඩිවෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩිවීම අදාළ නොවන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය අද පෙරවරුවේ
විදුලි බිල අද සිට යළිත් ඉහළ යයිද?
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
අද ලොකු වැස්සක්
කොටස් වෙළෙඳපොළ පැන්න පිම්ම
ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි! කඳු තරණයට ගිය තිදෙනෙකු මරුට!
සැකසහිත ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේන ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
වැලිගම හිටපු සභාපති බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට
වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්