ගුරු සේවය මෙරට වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වනාතවිල්ලුව, නාගමඩුව මහා විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ලෝකය නිර්මාණය කරන ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීම රජයේ අපේක්ෂාව බව ඔහු පෙන්වා දුන්නේය.
මෙරට පවතින ගුරු හිඟය පියවීම සඳහා 2021 වසරේ සිට ප්‍රමාදවී තිබූ ගුරු බඳවා ගැනීම් කටයුතු මේ වසරේදී කඩිනම් කර ඇත.
ඒ අනුව ගුරුවරුන් දහසකට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉදිරි දිනවල එම තරග විභාග පවත්වන අතර කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විභාග සහ සම්මුඛ පරීක්ෂණ මත පදනම් වූ විනිවිදභාවයකින් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.
එහිදී චන්දන අබයරත්න මහතා පෙන්වා දුන්නේ, පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ට බාහිර ක්‍රියාකාරකම් මඟහැරී ඇති බවය.
පසුගිය අලුත් අවුරුදු සමයේ දියේ ගිලීමෙන් සිදු වූ මරණ දෙස බැලීමේදී දරුවන්ට පිහිනීම වැනි ජීවිත ආරක්ෂක කුසලතා ලබාදීමේ වැදගත්කම පැහැදිලි වන බව අමාත්‍යවරයා කීය.
විෂය නිර්දේශ සංශෝධනය කරමින් අධ්‍යාපන පද්ධතියේ නව වෙනසක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ ඉදිරියේදී 09 ශ්‍රේණියේදී ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු අනාවරණය කළේය.
එමඟින් දරුවන්ට තමන්ගේ රුචිකත්වය පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට යොමුවීමේ අවස්ථාව උදාවන අතර ඒ සඳහා වෘත්තීය පුහුණු ආයතන 50ක් පමණ වැඩිදියුණු කිරීමට පියවර ගැනීමට නියමිත බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!