Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ සේවකයින්ට දැනුම්දීමක්

35 minutes ago

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ජූනි මස 30 වැනිදා බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මෙවර ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් සියලුම ප්‍රකාශයන් ඩිජිටල් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු වීමයි.

එසේම අතින් සම්පූර්ණ කරන ලද (Manual) ප්‍රකාශයන් භාර නොගන්නා බව කොමිෂන් සභාව අවධාරණය කරනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk වෙත පිවිසීමෙන් විද්‍යුත් ක්‍රමයට තම ප්‍රකාශනය ඇතුළත් කළ හැකියි.

ජූනි මස අවසාන දිනවලදී පද්ධතියට (System) එකවර විශාල පිරිසක් පිවිසීම හේතුවෙන් ජාලයේ තදබදයක් ඇති විය හැකි බැවින්, අවසාන මොහොත වන තෙක් ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වන ලෙස එම කොමිෂන් සභාව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

නියමිත දිනට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් වන අතර, දූෂණ විරෝධී පනතේ (ACA) විධිවිධාන ප්‍රකාරව ජූනි 30 වැනිදාට පසු ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් සඳහා අධිභාරයකට (Surcharge) යටත් වීමට සිදුවෙනවා.

මීට අමතරව අනෙකුත් නෛතික පියවරයන්ද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටින බවටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් වගකිවයුතු නිලධාරියෙකු ලෙස අදම ඔබේ විද්‍යුත් වත්කම් ප්‍රකාශනය (E-Declaration) සම්පූර්ණ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *