Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

11 minutes ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “ගණේමුල්ල සංජීව” ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔස්මන් ගුණසේකර (ගම්පහ ඔස්මන්) නැමැත්තා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය (CCD) අවසර ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය 13වැනිදා රාත්‍රියේ 69 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගම්පහ ශ්‍රී බෝධිරාම ප්‍රදේශයේදීයි.

ගණේමුල්ල සංජීව ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්ව සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ගිනි අවිය ලබාදී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම මොහුට එරෙහිව එල්ලවන චෝදනායි.

ගණේමුල්ල සංජීව පසුගිය වසරේ පෙබරවාරි මස 19 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මතයි ගම්පහ ඔස්මන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *