ඇම්බියන් කැපිටල් පීඑල්සී විසින් සිය අනුබද්ධිත සමාගමක් වන Ambeon Essentials (Private) Limited හරහා හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමෙන් පසු ඊයේ (12) දින සිට බලපැවැත්වෙන පරිදි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු හරිස්චන්ද්‍ර මිල්ස් අධ්යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ.
ඒ අනුව ඇම්බියන් සමූහයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන සුජීව මුදලිගේ, වෛද්‍ය සජීව නාරාංගොඩ (විධායක අධ්යක්ෂ) සහ සවන්ත් සෙබස්තියන් යන අය හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්වීම් ලැබ ඇත.
මීට අමතරව Ambeon Essentials (Private) Limited නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව එහි ලේකම් සමාගම වන CORPORATE SERVICES (PRIVATE) LIMITED විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

අද රාත්‍රියේත් ප්‍රදේශ රැසකට තද වැසි
බ්‍රිතාන්‍ය ඉතිහාසය වෙනස් කළ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්
ජපානයට භූ කම්පනයක්
ලක්ෂ්මන් යාපා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට දින දෙයි
Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි
ගම්පහ ඔස්මන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
රට තුළ පවතින ඉන්ධන තොග පිළිබඳව අනාවරණයක්
ගුරු සේවයේ වැටුප් වැඩි කරන හැටි ගැන ඇමති චන්දනගෙන් පැහැදිලි කිරීමක්
සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්