Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ගෙන් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් කළ ඉල්ලීම

14 hours ago

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි කැමැත්තෙන් උපැවිදි වන ලෙස ත්‍රෛනිකායික මහා ලේඛකාධිකාරී හිමිවරුන් විසින් ඉල්ලීමක් කර තිබේ.

මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ-අමරපුර යන ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් එක්ව මෙම තීරණය ගෙන ඇති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සනාථ කළහ.

වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සරණංකර දේවරක්ඛිත පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා පසුගියදා (14) පැවැති පුණ්‍ය මහෝත්සවයකට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ එම චීවරධාරීන්ට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස යෝජනා කළ බවත් නිර්දෝෂී වුවහොත් යළි පැවිදි කිරීමට අවසර ලබාදෙන බවත් පැවසූ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *