ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) පෙරවරුවේ නිවේදනය කළේය.
මෙම අඩු පීඩන පද්ධතියේ ඉදිරි හැසිරීම, එහි වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව තමන් නිරන්තරයෙන් සහ දැඩි අවධානයෙන් පසුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර පහත සඳහන් ප්‍රදේශවලට කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකිය:
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.ඉහත සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විජේ හමුවීමට චෙන්නායි ගිය මන්ත්‍රී අර්ච්චුනා
ඒකාබද්ධ විපක්ෂය මල් පාරේ සාකච්ඡාවක
වාහන බද්ද ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී දිවි අහිමි වෙයි
රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
මහ බැංකුවෙන් අලුත් වැඩක් අරඹයි
වනවාසල දුම්රිය අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් තෑග්ගක්
අද සිට වාහන ආනයන රේගු බද්දට තවත් අතිරේක බද්දක්
සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්
මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ගෙන් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් කළ ඉල්ලීම