Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි

20 minutes ago

රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාන්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත්ය.

මෙම නව නියෝගයන්ට අදාළව,

1. පනවා ඇති උපරිම ණය සීමාව:
2026 මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් (LFCs) මඟින් රන් භාණ්ඩ ඇපයට තබා ලබාදෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමෙන් 70% ක උපරිම සීමාවකට යටත් විය යුතුය.

මෙම සීමාව නව ණය පහසුකම් සඳහා මෙන්ම, පවතින ණයක් නැවත අලුත් කිරීමේදී ද (Renewals) එකසේ අදාළ වේ.

2. අදාළ වන ණය වර්ග:
මෙම නියෝගය සාමාන්‍ය උකස් පහසුකම් (Pawning Facilities), රන් ණය (Gold Loans) සහ රන් භාණ්ඩ ඇපයට තබා ගනිමින් ලබාදෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් සඳහා වලංගු වේ.

3. රන් භාණ්ඩවල වටිනාකම තීරණය කිරීම:
ණය පහසුකම් ලබාදීමේදී ඇපයට ගන්නා රන් භාණ්ඩවල වටිනාකම ලෙස එහි ‘වෙළඳපොළ වටිනාකම’ (Market Value) සැලකිය යුතුය. ඒ සඳහා බැංකු සහ මූල්‍ය සමාගම් දැනට භාවිත කරනු ලබන විචක්ෂණශීලී තක්සේරුකරණ ක්‍රමවේදයන් (Prudential Practices) තවදුරටත් අනුගමනය කළ හැක.

කෙසේ වෙතත්, ණය ලබාදෙන අවස්ථාවේදී සිදුකරන මෙම තක්සේරු කිරීම් මඟින් අදාළ රන් භාණ්ඩ සඳහා නිවැරදි සහ සාධාරණ වටිනාකමක් (True and Fair Value) ලැබෙන බවට එම ආයතන වගබලා ගත යුතුය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *