පසුගිය දින කිහිපය පුරා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමක් නිරීක්ෂණය වුවද, ඊයේ (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු රැසකම ඩොලරයේ විකුණුම් මිල (Selling Rate) රුපියල් 340 මට්ටමට වඩා පහළ අගයකට පැමිණ තිබේ.
පසුගිය දින කිහිපයේ පැවති ඉල්ලුම මත ඩොලරයේ මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර, එහි උපරිම අවස්ථාවක් ලෙස පෙරේදා (21) දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354ක් ලෙස සටහන් විය. එය ඊට පෙර දිනට වඩා රුපියල් 12ක දැවැන්ත මිල ඉහළ යාමකි.
කෙසේ වෙතත්, ඊයේ පස්වරුව වන විට වෙළඳපොළ තත්ත්වයන් වෙනස් වෙමින් ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු රැසකම ඩොලරයේ විකුණුම් අගයන් සලකා බැලිය යුතු මට්ටමකින් පහත වැටී ඇති ආකාරය දැකගත හැකි විය. ඒ අනුව, ලංකා බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) රුපියල් 336ක සීමාව දක්වාම සිය විකුණුම් මිල පහත හෙළා තිබුණි.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්රධානත්වයෙන් සාකච්ඡාවක්
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!