එළැඹෙන හජ්ජි උත්සවය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් වෙනුවෙන් සිය ඥාතීන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාවක් සලසා දී තිබේ.
ඒ අනුව, එළැඹෙන 28 සහ මැයි 30 යන දෙදින තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනවල මෙම විශේෂ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙම දිනවලදී රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් ආහාර සහ රසකැවිලි රැගෙන ඒමට අවසර හිමිවන අතර, එම ද්‍රව්‍ය එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට පියවර ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සියලුම බන්ධනාගාර තුළ මෙම කටයුතු සිදුවන්නේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්