Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය

32 minutes ago

ව්‍යාජ තොරතුරු හා ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් ආකාරයෙන් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා ලබමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම ලබන ජූලි මස 24 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී වරුසවිතාන මහත්මිය අද (25) නියෝග කළා.

මෙම නඩුව අධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩු කටයුතු ආරම්භ වීමත් සමඟ විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණය හමුවේ විශේෂ කරුණු දැක්වීමක් සිදු කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතුවලට ප්‍රවේශ වීමට පෙර, ඊට පාදක වී ඇති පරිගණක මඟින් උත්පාදනය කරන ලද ලේඛනවලට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට ආරක්ෂක පාර්ශවය ලෙස තමන්ට අවස්ථාවක් අවශ්‍ය බවයි.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නීතිඥවරයා, ලංකාවේ පවතින සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුව එවැනි පරිගණක පද්ධතියක් පරිශීලනය කිරීමට හෝ පරීක්ෂා කිරීමට මෙතෙක් තමන්ට කිසිදු අවස්ථාවක් හෝ ඉඩකඩක් ලැබී නොමැති බව අධිකරණයට පෙන්වාදුන්නා.

එබැවින් එම තාක්ෂණික ප්‍රවේශය තමන්ට හිමිවන තෙක් මෙම නඩු විභාගයේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි බාධාවක් පවතින බවද ඔහු අධිකරණයට දැනුම්දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය, නඩුවේ ඉදිරි සාක්ෂි විභාගය ජූලි මස 24 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *