මේ වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ (Remittances) ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මේ වසරේ ගතවූ මුල් මාස හතරක කාලය තුළ ලැබී ඇති ප්‍රේෂණ අගයයන් පුරෝකථනය කරමින් සභාපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (25) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2025 වාර්තාවත් අභිබවා යයි
මෙතෙක් ලංකා ඉතිහාසයේ වර්ෂයක් තුළ මෙරටට ලැබුණු වැඩිම විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වී ඇත්තේ පසුගිය 2025 වර්ෂයේදීය. එම වර්ෂයේ මුල් මාස 4 තුළ උපයා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අභිබවා යමින්, 2026 වර්ෂයේ මුල් මාස 4 තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.06 ක මුදලක් මෙරටට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මෙම සාධනීය වර්ධනය සැලකිල්ලට ගනිමින්, වත්මන් වසර අවසාන වන විට සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවූ ඓතිහාසික ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
වාර්තාගත ලෙස ඉහළ යාමට හේතු
මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන් සහ යුධමය වාතාවරණය හමුවේ වුවද, මෙලෙස විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යාමට ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති බව වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. එම ප්‍රධාන හේතු පහත පරිදි වේ:
- විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් වර්ධනය වීම.
- නව රජය විසින් ගන්නා ලද සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට විදේශ රැකියා ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වශයෙන් ඉහළ කීර්තියක් අත්වීම.
- විදෙස් රැකියා නියුක්තිකයන් වෙනුවෙන් හඳුන්වා දුන් විවිධ වූ සුභසාධන පහසුකම් පුළුල් කිරීම.

හැමෝම භාවිත කරන සබන් කෑල්ල ඇඟේ ගෑවොත් මේ වගේ හානියක් වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද..
පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන්ට වැඩ වරදී! නව පනතක්!
ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සැර ප්‍රකාශයක්
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට
අනුරාධපුර දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට
හිටපු ඇමති මනූෂ අධිකරණයෙන් කළ ඉල්ලීම
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින්
එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්