ජන වරමට එරෙහිව පක්ෂ මාරු කරන මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය සාකච්ඡවට එක්වෙමින්.
පාර්ලිමේන්තුවේ සිටින කිසිදු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයට ගැනීමේ කැමැත්තක් හෝ උත්සාහයක් නොමැති බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.
වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”මේ රටේ ජනතාව 2024 නොවැම්බර් මාසයේ දී අලුත් පාර්ලිමේන්තුවක් පත් කළා. ආණ්ඩු පක්ෂයට එකසිය පනස් නව දෙනෙකු පත් කළා. කොටසක් විපක්ෂයට පත් කළා. ඒ ජනවරමට අපි ගරු කරනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙක් විපක්ෂයෙන් ආණ්ඩුවට ගන්න අපේ කිසිම කැමැත්තක් හෝ උත්සාහයක් නෑ. සමහරුන්ගේ එහෙම කැමති තිබුණට අර හීනෙන් උදේ ඇහැරෙනකොට හරි කිව්වට මටත් කතා කලා. ඒ ගොල්ලන්ගේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයෙන් කවුරුත් ආණ්ඩුව පැත්තට ගන්න, එපමණක් නොවේ ජන වරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

හැමෝම භාවිත කරන සබන් කෑල්ල ඇඟේ ගෑවොත් මේ වගේ හානියක් වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද..
ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සැර ප්‍රකාශයක්
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ඩුබායිහිදී අත්අඩංගුවට
අනුරාධපුර දැරිය අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට
විදෙස් ප්‍රේෂණවලින් මෙරට ඉතිහාසයේ ලොකුම වාර්තාව මේ වසරේදී?
හිටපු ඇමති මනූෂ අධිකරණයෙන් කළ ඉල්ලීම
පළාත් සභා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින්
එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි
වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්
ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් කළ යුතුයි – ධනනාත් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
ඉන්ධන මිල සංශෝධනයක්? ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්