Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හැමෝම භාවිත කරන සබන් කෑල්ල ඇඟේ ගෑවොත් මේ වගේ හානියක් වෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද..

2 hours ago

ගෙදර තියන සබන් කෑල්ල ගැන මේ ටික දැනගන හිටියද? ගොඩක් ගෙවල්වල මේ තත්ත්වය මෙහෙමයි.

ඒත් අපි ඇත්තටම ඒ ගැන වැඩි සැලකිල්ලක් දන්නක්වන්නේ නැහැ කියලා කියන්න පුළුවන්.

ඔයාගේ ගෙදර තියන සබන් කෑල්ල පොදු දේපලක්නේ. ඒ කියන්නේ ඒක ගෙදර හැමෝගෙම පොදු දේපලක්.

සබන් කෑල්ලෙන් විෂබීජ විනාශ වෙනවා කියලා ඔබ හිතුවාට විෂබීජ නැවත එන්නත් පුළුවන්. අපි හොදට මතක තියාගන්න ඕනෙ කාරණය තමයි ඒ කුණු සහ බැක්ටීරියා සබන් කෑල්ලේ මතුපිට, විශේෂයෙන්ම අර දිය වුණු සෙවල (Sludge) කොටසේ රැඳිලා තියනවා කියන එක.

ඉතිං ඔයාලගෙ ගෙදර එකම සාබන් කෑල්ල පාවිච්චි කිරීමේ අවධානමක් තියනවා. ඒකට මෙන්න හේතු තමයි බලපාන්නේ ඒකෙන් පළවෙනි දේ තමයි සමේ රෝග ඉක්මණින් පැතිර යාම ඔයාලගෙ ගෙදර එකම එක්කෙනෙකුට ගෙදර එක්කෙනෙක්ට අලුහම් (Ringworm), දද වගේ සම් ආශ්‍රිත ගැටළුවක් තියනවනම් ඒ කෙනා පාවිච්චි කරපු සබන් කෑල්ලම ආයෙම පාවිච්චි කරන එකෙන් ඒ විෂබීජ අනිත් කෙනාට බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

මේ සබන් මතුපිට විශේෂයෙන්ම “Staph” වගේ බැක්ටීරියා වර්ග සිටින වග මතක තියා ගත යුතු කරුණක්.

ඒවගේම පුද්ගලික පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන ඔබට මේ කියන්න යන කාරණය ඇත්තටම වැදගත්

ඔයා හිතන්නකෝ තව එක්කෙනෙක් තමන්ගේ කිහිලි, ඉකිලි සහ රහස් ප්‍රදේශ හෝදන්න භාවිත කරපු සබන් කෑල්ලම අරන්, ඔයා ඔයාගේ මූණ හෝදනවා.

අපි ඒ ගැන නොහිතුවට ඒක කොයිතරම් අප්‍රසන්නද නේද? සෙවල ගොඩක් (Moisture is the Enemy) විදිහට පාවිච්චි කරන්නත් එපා.

සබන් කෑල්ලක් වේලෙන්නේ නැතුව නිතරම වතුරේ දියවෙලා, සෙවල වෙලා තියෙනවා කියන්නෙම බැක්ටීරියා ගොඩක්.සබන් කෑල්ල ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු.

ඔයා ගෙදර පොදු සබන් කෑල්ල ඊළඟ පාර පොදු සබන් කෑල්ල පාවිච්චි කරන්න කළින් හොදට හෝදලා ගන්න. ඒක අමතක කරන්න එපා. ඔයා සබන් කෑල්ල ඇගේ කළින් තත්පර 15ක්වත් වතුරට අල්ලලා සබන් කෑල්ලේ මතුපිට හොඳට හෝදලා (Rinse) පාවිච්චි කරන්න.

ඒ වගේම මේ සබන් කෑල්ල වතුර පිරිලා තියන පෙට්ටියක දාලා තියන්නත් එපා. ඔයා සබන් කෑලල වතුර බහින (Drainage) සිදුරු තියෙන සබන් පෙට්ටියක තමයි තියන්න ඕනේ. සබන් කෑල්ල වේලුනහම බැක්ටීරියා මැරෙනවා. සමහර විට ඔයාට තියන අඩු නොවන සමේ රෝගයට හේතුව මේ සබන් කෑල්ල වෙන්න පුළුවන්.

ඉතිං මේ ගැටළුවට හොදම විසදුම තමයි පවුලේ හැමෝටම වෙන වෙනම සබන් පාවිච්චි කරන එක. ඔයාට ගොඩක්ම ලේසි දේ තමයි . බොඩි වොෂ් (Body Wash/Liquid Soap) එකක් පවිච්චි කරන්න. ඒක හොදම පිරිසිදු ක්‍රමයක්.


ඔය විදිහට අපි නොහිතන පුංචි දේවල් ගොඩක් තියනවා. ඔයා මේ තාක් නොහිතපු දෙයක් නේද? ඉතිං අද ඉදන්වත් හිතමු.

අන්තර්ජාලය ඇසුරෙන්..

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *