Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

21 minutes ago

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ දෙවන අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීමේ කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 

ඒ අනුව මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට නියමිතව ඇත. 

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙමින් පවති.

එම කටයුතු ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ. 

පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැය වන අතර, දෙවැනි අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම අරමුදල් දේශීය අරමුදල් මගින් සපයා ඇති අතර, ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *