මඩකළපුව නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවන්ගේ පියා ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු සිදුකළ පරස්පර ප්‍රකාශ සහ කරුණු කිහිපයක් මතයි පොලිසිය පියා අත්අඩංගුවට ගත්තේ.
සැකකරු පළමුව සඳහන් කර තිබුණේ තම බිරිඳට පිළිකාවක් වැළඳී මඩකලපුව රෝහලේ ප්රථීකාර ලැබීම හේතුවෙන් දරුවන් සමග අදාළ ලැගුම්හල වෙත පැමිණි බවයි.
කෙසේ වෙතත්, බිරිඳට පිළිකා රෝගයක් වැළඳී ඇති බවට අදාළ පුද්ගලයා සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එසේම, මොහු ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් දරුවන් සහ බිරිඳ සමග දිවයිනේ ප්‍රදේශ රැසක සිගමනේ යෙදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
පසුව බිරිඳ මොහු සමග බහින්බස් වීමක් ඇති වී වැඩිමහල් දරුවා සමග ඇගේ මවගේ නිවස පිහිටි බෙලිඅත්ත ප්‍රදේශයේ වෙත පිටව ගොස් ඇති බව සඳහන්.
පොලිසිය පැවසුවේ එම මව තම 9 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා සහ ඇගේ මව සමග අද (29) පස්වරුවේ මඩකලපුව පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශ ලබා දුන් බවයි.
හෙට දිනයේදී දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව අධිකරණයෙනුත් නියෝගයක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි
මැයි 31න් අවසන් වන සිරිපා වන්දනා සමය
මහජන බැංකුවට දැවැන්ත ලාභයක්
යළිත් ඉහළ නගින ඩොලරයේ විකුණුම් මිල
බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට යළිත් ආබාධයක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඉන්ධන මත ලබා දී ඇති සහනාධාරය පිළිබඳව IMF කතා කරයි