මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ දෙවන අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීමේ කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ඒ අනුව මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙමින් පවති.
එම කටයුතු ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.
පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැය වන අතර, දෙවැනි අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම අරමුදල් දේශීය අරමුදල් මගින් සපයා ඇති අතර, ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරනු ලබයි.

සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව අධිකරණයෙනුත් නියෝගයක්
නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව විභාගයට දින දෙයි
මැයි 31න් අවසන් වන සිරිපා වන්දනා සමය
මහජන බැංකුවට දැවැන්ත ලාභයක්
යළිත් ඉහළ නගින ඩොලරයේ විකුණුම් මිල
බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර්ට යළිත් ආබාධයක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඉන්ධන මත ලබා දී ඇති සහනාධාරය පිළිබඳව IMF කතා කරයි