Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්

14 minutes ago

මඩකළපුව නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවන්ගේ පියා ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු සිදුකළ පරස්පර ප්‍රකාශ සහ කරුණු කිහිපයක් මතයි පොලිසිය පියා අත්අඩංගුවට ගත්තේ.

සැකකරු පළමුව සඳහන් කර තිබුණේ තම බිරිඳට පිළිකාවක් වැළඳී මඩකලපුව රෝහලේ ප්‍රථීකාර ලැබීම හේතුවෙන් දරුවන් සමග අදාළ ලැගුම්හල වෙත පැමිණි බවයි.

කෙසේ වෙතත්, බිරිඳට පිළිකා රෝගයක් වැළඳී ඇති බවට අදාළ පුද්ගලයා සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එසේම, මොහු ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් දරුවන් සහ බිරිඳ සමග දිවයිනේ ප්‍රදේශ රැසක සිගමනේ යෙදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුව බිරිඳ මොහු සමග බහින්බස් වීමක් ඇති වී වැඩිමහල් දරුවා සමග ඇගේ මවගේ නිවස පිහිටි බෙලිඅත්ත ප්‍රදේශයේ වෙත පිටව ගොස් ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ එම මව තම 9 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා සහ ඇගේ මව සමග අද (29) පස්වරුවේ මඩකලපුව පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශ ලබා දුන් බවයි.

හෙට දිනයේදී දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *