මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (10) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි ඉහළ යාමක් තවදුරටත් වාර්තා වී තිබේ.
ඒ අනුව,
දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.84% සිට 10.09%ක් දක්වා පදනම් අංක 25කින්,
දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 10.01% සිට 10.27%ක් දක්වා පදනම් අංක 26කින් සහ,
දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 10.02% සිට 10.16%ක් දක්වා පදනම් අංක 14කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර රු. මිලියන 140,000ක බිල්පත් ප්‍රමාණයක් අද දින වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 201,006ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.
කෙසේවෙතත් ලංසු පිළිගෙන තිබුණේ රු. මිලියන 71,744කට පමණි.


වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ප්‍රහාර මාලාවක්
මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම 3වැනි ස්ථානයට
මහ බැංකු තීරණයෙන් පසු ඩොලරයේ සිදු වූ වෙනස
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති පුටුව ඩිමාල් අරන්දර
විමල් වීරවංශගේ සහෝදරයාට රටින් යෑම තහනම් කරයි
මා ඔය පාලම මතින් යන වාහන වලට දැනුම්දීමක්
ගෝල්ෆේස් මුහුදු තීරයේ ඛේදවාචකයක්! සිසුන් තිදෙනෙක් ගසාගෙන යයි!
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවයි