2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ.
A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගය පැවැත්වුණේ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේදිය.
රටවල් 48ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින මෙවර ලෝක කුසලානයේ පළමු තරගයේදී කණ්ඩායම් දෙකම ආරම්භයේ සිටම තියුණු සටනක නිරත වූ අතර, මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ජූලියන් ක්විනෝන්ස් සමත් විය.
පළමු අර්ධය අවසන් වූයේ ගෝල 1-0ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගනිමින්ය.
දෙවැනි අර්ධයේදී සිය සටන්කාමි තරගවිලාශය එලෙසින්ම පවත්වාගෙන ගිය මෙක්සිකෝ ක්‍රිඩකයින් තරගයේ 67වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස්කිරීමට රාවුල් ජිමිනෙස් වුණේ එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයට රැස්ව සිටි මෙක්සිකෝ ක්‍රීඩාලෝලීන්ව අමන්දානන්දයට පත්කරමින්ය.
ඒ අනුව නියමිත කාලය අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල 2-0ක ජයක් හිමිකර ගනිමින් මෙක්සිකෝව මෙවර ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කළේය.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද කැනඩාවේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර අමෙරිකාවේ දී පැවැත්වෙන සමාරම්භක උත්සවය අද පස්වරුවේ ලොස් ඇන්ජලිස් හිදි පැවැත්වීමට නියමතයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්
මේ දිනවල දරුවන් අතර පැතිර යන රෝග 4ක් පිළිබඳව දැනුම්දීමක්
දසුන්ගේ පිත්ත ලංකාවට ජය ගෙනෙයි
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
ටික දවසකින් විමල් වීරවංශට අත්වන ඉරණම ගැන ඇමති ලාල්කාන්තගෙන් ඉඟියක්
2026 අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක්
අවාසනාවන්ත රිය අනතුරක්! පස් හැවිරිදි දරුවා වඩාගෙන ගිය පියා ජීවිතක්ෂයට!
බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට
ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 08ක ජයක්