භික්ෂුත්වයෙන් නෙරපා හැර සිටින රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි. පසුගිය සෙනසුරාදා (06) රාත්‍රී කාලයේදී මෙම පහරදීම සිදුව තිබේ.
පොලීසිය සඳහන් කරන ආකාරයට, වෑන් රථයකින් පැමිණ ඇති මෙම නාඳුනන පුද්ගලයින් දෙදෙනා සිය මුහුණු ආවරණය කරගෙන පැමිණ මෙම පහරදීම සිදු කර, ඉන්පසුව පළා ගොස් ඇත. පහර කෑමෙන් තුවාල ලැබූ අදාළ චීවරධාරියා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම ප්‍රහාරයට හේතුව කුමක්ද යන්න හෝ පහර දුන් පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විටත් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට