බණ්ඩාරවෙල පිහිටි සිය ශාඛාවක මෑතකදී බලධාරීන් විසින් සොයා ගන්නා ලද පාරිභෝගික නීති උල්ලංඝනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් බැරිස්ටා ශ්‍රී ලංකා (Barista Sri Lanka) ආයතනය නිල පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
නිල නිවේදනයක් නිකුත් කරමින් එහි කළමනාකාරිත්වය පෙන්වා දෙන්නේ, දිනපතා දිවයින පුරා පාරිභෝගිකයින් 18,000කට අධික පිරිසකට සේවා සපයන ප්‍රමුඛ පෙළේ ජාතික සන්නාමයක් ලෙස ආහාර සුරක්ෂිතතාව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ නීතිමය රීති පද්ධතීන්ට අනුකූල වීම තම ආයතනයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් වන බවයි.
අදාළ බණ්ඩාරවෙල ශාඛාවේ සිදුකළ පරීක්ෂාවකදී කෙටි ආයු කාලයක් සහිත නිෂ්පාදන කිහිපයක ලේබල් කිරීම් සහ දින සටහන් කිරීම් සම්බන්ධයෙන් නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සමාගම පවසයි. එහිදී:
- කුකීස් (Cookies) 06ක්
- එක් මුදවපු කිරි පැකට්ටුවක්
- කොච්චි සෝස් පැකට්ටුවක් සහ පෙස්ටෝ සෝස් පැකට්ටුවක්
- සීනි පැකට් කිහිපයක්
යන ද්‍රව්‍යවල කල් ඉකුත්වීමේ දින සහ ලේබල්වල පැහැදිලිභාවය පිළිබඳ ගැටලු මතු වී ඇත. මීට අමතරව, පාරිභෝගිකයින් රැගෙන යන (Takeaway) පෙට්ටිවල අසුරා තනි තනිව අලෙවි කරනු ලබන කේක් කැබලිවල දින ලේබල් කිරීම සම්බන්ධයෙන් ද නිලධාරීන් විසින් කරුණු පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය අදාළ ශාඛාවේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙන් (SOP) බැහැරවීමක් බව පිළිගන්නා බැරිස්ටා ආයතනය, එය කිසිසේත්ම සැහැල්ලුවෙන් නොසලකන බව ප්‍රකාශ කරයි. සියලුම ශාඛාවල මෙහෙයවනු ලබන නිෂ්පාදන 400කට ආසන්න ප්‍රමාණයකට අදාළ වන පරිදි දිනපතා නිෂ්පාදනවල කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කිරීම සහ ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය ඉවත් කිරීම සේවකයින් විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද, මෙම අවස්ථාවේදී බණ්ඩාරවෙල ශාඛාවේදී එම ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව සමාගම නිල වශයෙන් පිළිගෙන ඇත.


ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට