මේ දිනවල දිවයින පුරා දරුවන් අතර ප්‍රධාන රෝග කිහිපයක පැතිර යාමක් දක්නට ලැබෙන බැවින් දෙමාපියන් ඒ පිළිබඳව අතිශය විමසිලිමත් විය යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා, අත් පා සහ මුඛ රෝගය (HFMD) මෙන්ම මෙනින්ජයිටිස් (Meningitis) යන රෝග මේ වන විට ළමයින් අතර බහුලව වාර්තා වන බවයි. මෙම රෝගයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව හෙතෙම අවධාරණය කරයි.
වෛද්‍යවරයා විසින් පෙන්වා දුන් එම රෝගවල ලක්ෂණ සහ ගත යුතු පියවර පහත පරිදි වේ:
1. ඩෙංගු රෝගය (මාරාන්තිකයි)
- රෝග ලක්ෂණ: තද උණ, හිසරදය, ඇස් යට කැක්කුම, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව, වමනය සහ බඩඑළිය යාම.
- උපදෙස්: දරුවාට දින 2කට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.
2. ඉන්ෆ්ලුවෙන්සා රෝගය
- රෝග ලක්ෂණ: උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, දැඩි ඇඟපත වේදනාව සහ හන්දිපත් රුදාව.
- උපදෙස්: රෝගය පවතී නම් දරුවා පාසල් හෝ පෙර පාසල් නොයවා නිවසේ විවේක ගැන්විය යුතුය. වෙනත් දරුවන්ට බෝවීම වැළැක්වීම සඳහා මුඛ ආවරණ (Masks) පැළඳවීම අනිවාර්ය වේ.
3. අත්, පා සහ මුඛ රෝගය (Hand, Foot, and Mouth Disease)
- හේතුව: ‘කොක්සැකී’ (Coxsackievirus) නමැති වෛරසය.
- රෝග ලක්ෂණ: පාද, වැලමිට සහ මුඛය ආශ්‍රිතව රතු ලප මෙන්ම ඇතැම් විට සුදු වතුර පිරුණු බිබිලි ඇති වීම.
- බෝවන ක්‍රමය: රෝගී දරුවෙකු තවත් දරුවෙකුගේ ශරීරයේ ගැටීමෙන් (ස්පර්ශයෙන්).
- උපදෙස්: රෝග ලක්ෂණ පවතී නම් දරුවා දින 3-4ක් නිවසේම තබාගෙන ප්‍රතිකාර කළ යුතුය.
4. මෙනින්ජයිටිස් රෝගය (Meningitis)
- හේතුව: වෛරස් ආසාදනයක්.
- රෝග ලක්ෂණ: උණ සමඟ දැඩි හිසරදය, වමනය, විදුලි එළියක් හෝ යම් ආලෝකයක් දෙස බැලීමේ අපහසුව (Phophobia), ශබ්ද ඇසීමට අකමැති වීම සහ ඇඟපත රුදාව.
- බෝවන ක්‍රමය: ශ්වසන මාර්ගය සහ ආහාර මාර්ගය හරහා.
- උපදෙස්: පැතිරීම පාලනය කිරීමට පිරිසිදු ආහාර ලබාදීම, උණුකර නිවාගත් ජලය පමණක් පානය කිරීමට දීම සහ මුඛ ආවරණ පැළඳවීම සිදු කළ යුතුය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට