උපරිම සිල්ලර මිල (MRP) උල්ලංඝනය කරමින් වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ ආයතනයකට අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (15) දින රුපියල් 500,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගැසට් නිවේදනයට අනුව රුපියල් 100/- ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කර තිබූ ලීටර 01 ක ධාරිතාවයෙන් යුත් පානීය ජල බෝතලයක්, රුපියල් 120/- බැගින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් නඩු පවරා තිබුණා.
අධිකරණය හමුවේ අදාළ චෝදනාවට විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම ලක්ෂ 5ක දඩය නියම කළා.

පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට මෙක්සිකෝව පත්වෙයි
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි
ඩොලරය තවත් පහළට
රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්
ආනයන ගෙවීම් සම්බන්ධ නව පාලන රෙගුලාසි හඳුන්වා දෙයි
විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ
ඔබගේ බැංකු ගිණුම බේරගන්න ශ්‍රී ලංකා පොලිසියෙන් උපදෙස් මාලාවක්
ගුරු සිහින දකින්නනට සුබ ආරංචියක්
තෙල්දෙණියෙන් හමුවූ භෞත චිකිත්සකවරියගේ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
වනිඳු යළිත් මුල් 10 අතරට! වෙල්ලාලගේටත් විශිෂ්ට ප්‍රගතියක්!
පාස්කු විමර්ශන ගැන එජාපෙන් නිවේදනයක්