විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ට තමන් සේවය කරන ස්ථානවලදී මුහුණ දීමට සිදුවන විවිධ ගැටලු සහ පැමිණිලි ඉතා ඉක්මනින් හා පහසුවෙන් අදාළ අංශ වෙත යොමු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද “LankaKonect“ ජංගම දුරකථන යෙදවුම (Mobile App) නිල වශයෙන් ඊයේ (16) දින ජනගත කරනු ලැබීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) එක්ව ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනයේ තාක්ෂණික දායකත්වය ඇතිව මෙම යෙදවුම නිර්මාණය කර ඇත.
මෙම යෙදවුම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන බැවින් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් සහ පැහැදිලිව භාවිත කිරීමේ හැකියාව පවතී.
විගමණික ශ්‍රමිකයින්ට තමන් ලෝකයේ කුමන රටක සිටියද, සිටින ස්ථානයේ සිටම සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තමන්ගේ ගැටලු ‘Online’ ක්‍රමයට යොමු කළ හැකිය.
රැකියා සඳහා ගිය අයට අමතරව, උසස් අධ්‍යාපනය හෝ ස්ථිර පදිංචිය සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ද තමන්ට ඇතිවන ගැටලු සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත සහ අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත මෙමඟින් යොමු කළ හැක.
පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමට අමතරව, තමන් මුහුණ දෙන ගැටලුවලට අදාළ හඬ පට (Audio) සහ වීඩියෝ දර්ශන (Video) සාක්ෂි වශයෙන් ඇතුළත් කිරීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂීම වාසියකි.
තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් බලධාරීන් විසින් ගෙන ඇති පියවර සහ එහි වත්මන් තත්ත්වය (Status) කුමක්දැයි ඕනෑම වේලාවක මේ හරහා පහසුවෙන්ම පරීක්ෂා කරගත හැකිය.
මෙමඟින් ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් වන අතර, විදේශයන්හි අසරණ වන ලාංකිකයින්ට වඩාත් වේගවත් සහ විනිවිදභාවයකින් යුතු සේවාවක් සැපයීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම යෙදවුම Google Play Store සහ Apple App Store හරහා නොමිලේ බාගත (Download) කරගත හැක.

යෝෂිත රාජපක්ෂට අධිකරණයෙන් දුන් නියෝගය
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම හෙටට කල්යයි
පාසල් ළමුන් ගැන බය හිතෙන අනාවරණයක්
බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් CIDයට නියෝග
රුමේෂ් තරංගට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්
ලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුපිරි ජයක් ලබයි
හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි
සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
පොලිස් සේවය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට QR කේතයක්