අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නේය.
අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද (17) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

රටම කතා වූ අම්බලන්ගොඩ පොලිසියේ සිදුවීම ගැන පොලිස්පති නියමයෙන්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්