දිවයින පුරා පිහිටි පාසල් නේවාසිකාගාර පද්ධතිය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1,008ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දිවයිනේ පාසල් පද්ධතිය තුළ දැනට පවතින නේවාසිකාගාර 126ක ගොඩනැගිලි අබලන්ව පැවතීම සහ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් එහි නේවාසිකව සිටින සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ජීවන තත්ත්වයට ද දැඩි බාධා එල්ල වී ඇති බව රජය විසින් හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයට කඩිනම් විසඳුම් ලබා දෙමින්, නේවාසිකාගාරවල සිටින දරුවන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන හා සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් උදා කර දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
ඒ අනුව අදාළ නේවාසිකාගාරවල පවතින අඩුපාඩු සහ අත්‍යවශ්‍ය පහසුකම් වසර 2ක් ඇතුළත කඩිනමින් නවීකරණය කිරීමට පියවර ගැනේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම සුවිශේෂී ව්‍යාපෘති යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවී ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි