Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා ගොනු කරයි

4 hours ago

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් යටතේ කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළව සාක්ෂිකරුවන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්ව තිබුණි. එම දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදීත්, ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ. ඒ හරහා රුපියල් 8,850,000ක මුදලක් වන්දි ලෙස ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස චෝදනා ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *