ඉරානය සමඟ නැවතත් යුදමය තත්ත්වයක් ආරම්භ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. දෙපාර්ශ්වය අතර යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය සතියේ එළඹි තාවකාලික සාම ගිවිසුමකට අදාළ පළමු සාකච්ඡා වටය ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන අතරතුර ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන නිලධාරීන් අතර මෙම සාකච්ඡා පැවැත්වෙන අතර, අප්‍රේල් මාසයේ සිට පවතින සටන් විරාමය අවම වශයෙන් තවත් දින 60කින් දීර්ඝ කිරීම එහි එක් අරමුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගෝලීය බලශක්ති සැපයුමේ ප්‍රධාන මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටත්, ලෙබනනයේ යුද්ධය නැවැත්වීමටත් මෙම ගිවිසුම හරහා ඉල්ලා තිබුණි. කෙසේ වෙතත්, ලෙබනනයේ සටන් නැවැත්වීමට අමෙරිකාව අපොහොසත් වී ඇති බවට චෝදනා කරන ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යළිත් වරක් නතර කළ බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, මෙම සාකච්ඡාවලදී සිය න්‍යෂ්ටික වැඩසටහන වැනි ප්‍රධාන කරුණු පිළිබඳව කිසිදු අයුරකින් සාකච්ඡා නොකරන බවද ඉරානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ලෙබනනයේ සිටින ඉරානයේ ඉහළ වැටුප් ලබන නියෝජිත කණ්ඩායම් ප්‍රශ්න ඇති කිරීම වහාම නැවැත්විය යුතු බවයි. ඔවුන් එසේ නොකළහොත්, පසුගිය සතියේ මෙන්ම ඊට වඩා බෙහෙවින් දරුණු ලෙස ඉරානයට නැවතත් දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඔවුන්ට රටක් ඉතිරි නොවන බවට ඉරාන නිලධාරීන්ට අනතුරු අඟවා ඇති අමෙරිකානු ජනාධිපතිවරයා, අවශ්‍ය වුවහොත් එම මුහුදු මාර්ගයේ පාලනය තමන් යටතට ගන්නා බවටද තර්ජනය කර ඇත.

මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා! සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි!
අමෙරිකාවේ ඉහළ පෙළේ නියෝජිතයෙක් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
යළි සෙලවුණු ශ්‍රී ලංකා රුපියල
දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්
චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්
ජූලි මාසයේදී යළිත් බස් ගාස්තුව ඉහළට?
අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා
දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්