Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චීන තානාපති හා ටිල්වින් අතර හමුවක්

3 hours ago

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ (20) ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබිණි.

එළඹෙන ජූලි 1 දිනට යෙදී ඇති චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වෙනි සංවත්සරය පිළිබඳ මෙහිදි චීන තානාපතිවරයා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා දැනුවත් කරන ලදී.

105 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන උත්සවයට ද එහිදී ටිල්වින් සිල්වා මහතාට ආරාධනා කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ ක්‍රියාධරයන් සඳහා චීනය සංවිධානය කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවී ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් විසින් රචිත චීනයේ ආණ්ඩුකරණය (The Governance of China) යන කෘති මාලාවේ 5 වෙනි වෙළුමේ පිටපතක් ටිල්වින් මහතාට චීන තානාපතිවරයා විසින් පිළිගන්වා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *