Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිනක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි! රෝගීන් 1,000 ඉක්මවයි!

17 minutes ago

දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඊයේ (21) දිනය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිනක් ඇතුළත ඩෙංගු ආසාදිතයන් 1,000 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා තහවුරු කර ඇත.

පවතින වැසි සහිත කාලගුණයත් සමග මදුරුවන් බෝවීම වේගවත් වී ඇති අතර, මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ද ඉක්මවා ගොස් තිබේ. මෙහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර සහ දකුණු පළාත්වලින් වාර්තා වන අතර, ජූනි මාසය තුළ පමණක් රෝගීන් 12,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල්වල ධාරිතාවට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එබැවින්, උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරමින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *