Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි සිඟිත්තියකට දිවි අහිමි වෙයි

3 hours ago

ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්‍රදේශයේදී නිවසක් අසල තිබූ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් අවුරුදු 02ක් වයසැති කුඩා දැරියක් මියගොස් ඇති බව ධර්මපුරම් පොලිස් ස්ථානය පවසයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම දැරිය ඇය පදිංචිව සිටි නිවසට යාබඳ නිවසක් ආසන්නයේ තිබූ, කට වසා නොතිබූ (අනාරක්ෂිතව) ජලය පිරී තිබූ ළිඳකට වැටී ඇති බවයි.

දැරිය ළිඳට වැටී ඇති බව දැක වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ ඥාතීන් ඇයව ළිඳෙන් ගොඩට ගෙන කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මෙම සිඟිත්තිය ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.

දැරියගේ මෘතදේහය මේ වන විට ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *