Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රදේශ කිහිපයකට වැසි

5 hours ago

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බවයි.

මීට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මෙන්ම මුහුදු තීරයට ආසන්න කලාපවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ. ඒ අනුව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ත් 50 ත් (40-50 km/h) අතර තද සුළං ඇති විය හැකිය.

විශේෂයෙන්ම විවෘත සන්නිවේදන කුළුණු, ගස් කඩා වැටීම් සහ අනාරක්ෂිත වහලවල් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, සුළං තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *