Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට 

23 minutes ago

6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්‍ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ලුතිනන් ජෙනරල් මුහම්මද් අලි (Muhammad Ali) මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (01) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි පාකිස්තාන ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් එහිදී උණුසුම් පිළිගැනීමක් සංවිධානය කර තිබුණි. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) හර්ෂ විතානාරච්චි මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.

6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදය හෙට (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සංවාදය හරහා දෙරට අතර දැනට පවතින ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, පුහුණු කිරීම් සහ දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

මේ අතර, සිය නිල සංචාරය අතරතුරදී පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ද හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *