Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජල ගාස්තු ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

4 hours ago

මේ වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, වසරේ මුල් මාස හය සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බවයි.

ඒ අනුව ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යවරයා පවසනවා.

වර්ෂිකව මාස හයකට වරක් ජල ගාස්තු සංශෝධනය සිදුකෙරෙන අතර මේ වසරේ මුල් මාසය 06 සඳහා ද ජල ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට රජය පියවර ගෙන තිබුණා. 

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“අපිට අදහසක් තියෙනවා මේ මාස 6 පිරිවැය කොතරම් වැඩි වුණාද කියන එක ගැන. ප්‍රධාන වශයෙන් තියෙන්නේ 18%ක විදුලිබිල වැඩිවීම විතරයි. ඉන්ධන මිල වැඩිවීම ඇත්තටම ජල පිරිපහදු කටයුතු සඳහා බලපාන්නේ නෑ. විදුලිය වැඩිවීම තමා බලපාන්නේ. නමුත් විදුලිය වැඩිවීම ජල ගාස්තුවේ 12%ක ප්‍රමාණයක් තමා විදුලිබිල තියෙන්නේ. ඒ නිසා 21% ප්‍රමාණය තමා 18%කින් වැඩිවුණේ. ඒක රු 2.50ක් වගේ ප්‍රමාණයක් ජල ඒකකයකට. ඒ නිසා මේ මාස 6 පිරිවැය ඉතා සුළු වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට ඉදිරි මාස 6ටත් ජල ගාස්තුව සංශෝධනය නොවන්න තමා ඉඩ තියෙන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *