දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් අද (02) පෙරවරු 11.00 ට ඇම්බර් වර්ණයෙන් යුත් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය හෙට (03) පෙරවරු 11.00 දක්වා බලාත්මක වනු ඇත.
එම නිවේදනයට අනුව මධ්‍යම, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර වේගයකින් යුත් තද සුළං තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
මීට අමතරව දිවයින වටා මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකිය. තවද, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 2.5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ අවදානමක් ද පවතින බව එහි වැඩිදුරටත් දැක්වේ.
මෙම රළු මුහුදු ස්වභාවය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවටත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
සතුරු ප්‍රහාර මැද ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
ජල ගාස්තු ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
සලේගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් රැසක් කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! අධිකරණයේදී සිදු වූ සම්පූර්ණ කතාව මෙන්න!
ප්‍රදේශ කිහිපයකට වැසි
මෙම ආයතනවල මුදල් තැන්පත් කරන්න එපා! තැන්පත් කළොත් මුදල් අනතුරේ! මහ බැංකුගෙන් විශේෂ නිවේදනයක්!
අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක්
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය