6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම්, (විශ්‍රාමික) ලුතිනන් ජෙනරල් මුහම්මද් අලි (Muhammad Ali) මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (01) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිස වෙනුවෙන් එහිදී උණුසුම් පිළිගැනීමක් සංවිධානය කර තිබුණි. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) හර්ෂ විතානාරච්චි මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.
6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදය හෙට (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සංවාදය හරහා දෙරට අතර දැනට පවතින ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වේ. මීට අමතරව කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, පුහුණු කිරීම් සහ දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.
මේ අතර, සිය නිල සංචාරය අතරතුරදී පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ද හමුවී විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි
ඔබේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න! නව යොවුන් වියේ දරුවන් බරපතළ අවදානමක!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇම්බර් වර්ණයෙන් යුත් නිවේදනයක්
සතුරු ප්‍රහාර මැද ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
ජල ගාස්තු ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
සලේගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් රැසක් කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! අධිකරණයේදී සිදු වූ සම්පූර්ණ කතාව මෙන්න!
ප්‍රදේශ කිහිපයකට වැසි
මෙම ආයතනවල මුදල් තැන්පත් කරන්න එපා! තැන්පත් කළොත් මුදල් අනතුරේ! මහ බැංකුගෙන් විශේෂ නිවේදනයක්!
අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක්
LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය