ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පිළිකා වර්ගය අතර මුඛ පිළිකා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම නිසා මෙරට තුළ දුම්කල මිශ්‍ර බුලත් භාවිතය තහනම් කිරීමට පියවර ගන්නා බවයි එම සංගමය පවසන්නේ.
මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්.ඒ.සී. ප්‍රසාද් මහතා
“මේ මුඛ පිළිකා ඇති වීමට ප්‍රදානම හේතුව ජනතාව බුලත්විට සහ වෙනත් හපන දුම්කොළ නිෂ්පාදන ආහාරයට ගැනීම. බුලත්විටක දුම්කොළ අන්තර්ගත වෙන්න බැහැ. දුම්කොළ අන්තර්ගත බුලත්විට විකිණීම, බෙදාහැරීම, ළඟ තබා ගැනීම විකිනීමට ඉදිරිපත් කිරීම ගබඩා කිරීම ආදී කාරණා ලංකාවේ නීතිය අනුව වරදක්. ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. වෙළඳසැල් ව්‍යාපාරිකයන් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.
මේ අනුව ලංකා පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂරු මේ පිළිබඳ සොයා බැලීමක් සිද්ධ කරනවා. මේ සොයා බැලීම සිද්ධ කරන්නේ හුදෙක් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම යන අරමුණ මතයි.”

ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
කොළඹදී ඇල්ලු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 463ක සිද්ධියට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තවත් තුනක් අත්අඩංගුවට
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි
රවී කරුණානායකට ලෙඩ ගොන්නක්! ඇප ලැබුණ හැටි මෙන්න!
22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි! විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
පාන් මිල ඉහළට
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කලින් ඉවර වෙනවා – වජිර
ඉන්දියානු ජනතාවගෙන් ගාල්ල ජාතික රෝහලට ලැබුණු පරිත්‍යාගය
අගමැති හරිනි භූතානය බලා පිටත්ව යයි
ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීමට ගත් තීරණය අහෝසි කරමින් නියෝගයක්