මෙරට වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පදනයන්වල නම සහ සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත.
පසුගිය වකවානුව තුළ විවිධ සන්නාමයන් යටතේ සබන් වර්ග රැසක් මෙරට වෙළෙඳපොලට නිකුත් කිරීම නිරීක්ෂණය කර ඇති අතර ඒවා නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම නව රෙගුලාසි නිකුත් කර ඇත.
මෙරට ජනතාව අතර ජනප්‍රිය මෙන්ම වසර ගණනාවක් පුරා වෙළෙඳපොල තුළ පවතින ප්‍රධාන සබන් සන්නාම බොහොමයක් අදාළ නිර්දේශ නිවැරදිව අනුගමනය කරන අතර එම නිෂ්පාදනයන්හි අන්තර්ගත අමුද්‍රව්‍ය වර්ගද ඇසුරුම් මත ප්‍රදර්ශනය කරනු ලබයි. එහෙත්වෙළෙඳපොල තුළ දක්නට ලැබෙන ඇතැම් සබන් නිෂ්පාදන ඇසුරුම් වල එම නිෂ්පාදන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට චෝදනා එල්ල වෙමින් පැවතුණි. ඒ අතර ඇති බහුතර සබන් නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, ඇතැම් සබන් නිෂ්පාදනයන් විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා බවටද තොරතුරු වාර්තාවේ.
ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුය. ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී. 2) ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතුය.
මෙම විධානය අදාළ වන සබන් වර්ග (උපලේඛනය) මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මක වේ.

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු! මාස 6ක සිරදඬුවම්?
එරංග ගුණසේකරට සහ ජගත් මනුවර්ණට වරෙන්තු
කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළ මත වාඩි වූ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරයි
රෝසි සේනානායකව ජනාධිපති කොමිසමට කැඳවයි
සැකසූ දියර කිරි සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්
LPL තරගාවලිය ඇරඹීමට හෝරා කිහිපයයි! කණ්ඩායම් හිමිකරුවෙක් අත්අඩංගුවට!
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට අදත් ඇප නෑ
ඉන්ධන QR ක්‍රමවේදය ගැන දැනුම්දීමක්
පාසල් දරුවන් ගැන පොලිසියෙන් බය හිතෙන අනාවරණයක්! ඔබේ දරුවා ගැනත් අවධානයෙන් ඉන්න!
ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්
නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
LPL තරගාවලිය අද ඇරඹෙයි! අද තරග වදින කණ්ඩායම් මෙන්න!