අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තැන්පත් කර ඇති ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පමණ ඉඩමක් අයථා ලෙස උපයාගත් බවට චෝදනා කෙරෙන මුදල් යොදා ගනිමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වනවා.
නඩුව ඊයේ(18) යළි කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලුණා.
ඒ අනුව ඔහු තැන්පත් කර ඇති ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළා.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප අත්සන් කළ පුද්ගලයන් තිදෙනෙකුට දඩ නියම කර තිබෙනවා.
එම දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.
බැසිල් රාජපක්ෂ මහතාට නිකුත් කර ඇති වරෙන්තුව ලබන ඔක්තෝබර් 27 වැනිදා දක්වා දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්