මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය ආරම්භ කරන හෙට (18) සිට පුරා දින 11 ක් මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක මතපැන් අළෙවි සැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ අනුව මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල්ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරම්පොත ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන මාර්ගයට යාබදව ඇති ඉන්ධන පිරවුම් හල දක්වා ඇති සියලුම මත්පැන් අළෙවි සැල්ද වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන අද (18) සිට පෙරහර නිමාවට පත්වන 28 දින දක්වා සුරාසැල් මේ අනුව වසා තැබෙනු ලබනවා.
මෙයට සමගාමීව මහනුවර මහ නගර සභා සීමාවේ පිහිටි සත්ත්ව මාංශ අළෙවි සැල්ද වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්