ඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් වෙනුවට, පසිඳු සූරියබණ්ඩාර කැඳවීමට (Concussion Replacement) තීරණය කර ඇත.
සීමා මායිම ආසන්නයේදී හතරේ පහරක් වැළැක්වීමට උත්සාහ කිරීමේදී චන්දිමාල් අද (18) උදෑසන ආබාධයට ලක්වූ අතර, එහිදී ඔහුගේ දකුණු උරහිසට සහ බෙල්ලට හානි සිදුවී ඇති බව අනාවරණය විය.
පසුව ඔහුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කළ අතර, එහිදී අභ්‍යන්තර තුවාල කිසිවක් සිදුව නොමැති බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ සහ කණ්ඩායම් භෞතචිකිත්සකවරයාගේ නිර්දේශ මත, ඔහු නැවත තරගයට එක්වීමට තරම් සුදුසු ශාරීරික මට්ටමක නොමැති බවට තක්සේරු කර ඇත.
ඒ අනුව මෙම ආදේශ කිරීම සඳහා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්