පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) සහ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතනවල නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් සිදු කෙරෙන වංචාවක් පිළිබද පැමිණිලි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත ලැබී ඇත.
මෙම වංචාවන් සිදු කරනු ලබන පුද්ගලයන් පළමුව ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් ජංගම සහ ස්ථිර තැන්පතුවල පවතින මුදල් පිළිබදව විමසයි.
අනතුරුව මෙම වංචනිකයන් එලෙස තැන්පතුවල පවතින මුදල් වංචා සහගත ලෙස උපයාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බැවින් මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා පරීක්ෂා කර බැලිය යුතුව ඇති බවට තර්ජනය කරයි.
පසුව එම වංචනිකයන් ව්‍යාජ ලෙස සැකසූ මහ බැංකු ලිපි ශීර්ෂ සහ නිලධාරීන්ගේ අත්සන් හා රබර් මුද්‍රා යෙදූ ලිපි යොමුකර තවදුරටත් එම පුද්ගලයන්ව බියට පත්කර අනතුරුව වෙනත් පුද්ගලික බැංකුවකට එම මුදල් බැර කරන ලෙසට උපදෙස් ලබාදී, ඒ සදහා වෙනම ගිණුමක් ලබාදෙයි.
එම බැංකු ගිණුම මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකුගේ යැයි පවසන අතර මුලින්ම තමන් සතු තැන්පතුවලින් හරි අඩක් එලෙස ලබාදෙන බැංකු ගිණුමට බැර කරන ලෙසට එම පුද්ගලයින්ට දැනුම් දෙයි.
අනතුරුව එම මුදල් තැන්පතු කිරීම තහවුරු කෙරෙන බැංකු පත්‍රිකාව සහ පරීක්ෂාවෙන් පසු නැවත තමන් සතු පැරණි බැංකු ගිණුමට එම මුදල මාරු කරන ලෙසට පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටින ලිපියක් ලබාදෙන ලෙස වංචාවට ගොදුරු වූ අයට දැනුම් දී ඇත.
ඉතාම සූක්ෂ්මව මෙම වංචාව සිදුකරනු ලබන පුද්ගලයන් සතුව පොලිස් නිල ඇදුම්, බැංකු හැදුනුම්පත් මෙන්ම රබර් මුද්‍රා පවතින බැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වන ලෙස විශ්‍රාමිකයන් ඇතුළු වැඩිහිටි පුද්ගලයින්ට දැනුම් දෙයි.
එනිසා එම දුරකතන ඇමතුම් වලට සහ සමාජ මාධ්‍ය පණිවුඩ වලට හසු නොවන ලෙසත් ඒ සම්බන්ධයෙන් වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) දැනුවත් කරන ලෙසද ජනතාවට දැනුම් දෙයි.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්