අගෝස්තු 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ 50%ක ආනයන බදු අධිභාරය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණයත් සමඟ ඉදිරියේදී මෙරට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සඳහන් කළේ, මෙම බදු දීර්ඝ කිරීම හේතුවෙන් ප්‍රදර්ශනාගාරවල පවතින වාහනවල මිල ගණන් පහත පරිදි ඉහළ යා හැකි බවයි.
සුසුකි වැගන් ආර් (Suzuki Wagon R)- රුපියල් 500,000 කින් පමණ
ටොයෝටා රයිස් (Toyota Raize)- රුපියල් මිලියන 1 කින්
හොන්ඩා වෙසල් (Honda Vezel)- රුපියල් මිලියන 1.5 සිට 2 දක්වා
ඩබල් කැබ් (Double Cab)- රුපියල් මිලියන 2 සිට 2.5 දක්වා
ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado)- රුපියල් මිලියන 3 කින්
ලෑන්ඩ් කෲසර් (Land Cruiser)- රුපියල් මිලියන 5 කින්
දැනට වෙළඳපොළේ පවතින වාහනවලින් 90%ක්ම මැයි 15 දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ගෙන ආ ඒවා බැවින් ඒවා මෙම අධිභාරයෙන් නිදහස් වන බවත්, එහෙත් මැයි 15 න් පසුව විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ආනයනය කෙරුණු වාහන මේ වන විට නිදහස් කරගැනීම ආරම්භ කර ඇති බැවින් එම වාහන සඳහා මෙම ඉහළ බද්ද අදාළ වන බවත් ඔහු පැහැදිලි කළා.
දිගින් දිගටම අධිභාර පැනවීමෙන් වෙළඳපොළ තුළ දැඩි උච්ඡාවචනයන් ඇති වන බව පෙන්වා දුන් සභාපතිවරයා, නිතර නිතර මිල ගණන් වෙනස් කරනවා වෙනුවට ස්ථාවර බදු ප්‍රතිපත්තියක්, ණයවර ලිපි පාලනයක් හෝ වෙනත් විකල්ප ක්‍රමවේද හරහා අධික ලෙස මිල ඉහළ යාමකින් තොරව ආනයනය සීමා කර වෙළඳපොළ ස්ථාවර කිරීමට රජයට පියවර ගත හැකි බව වැඩිදුරටත් අවධාරණය කළා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්